චතුරංගි හර්ශිකා 4 years ago 145 2 2

Nisadas Image

කුරිරු වූ මගේ හිත

අපේ මල් පාර
තනි මගේ හීන
නිරන්තර රිද්දුවා...

උදේ හවසත් දකින
දහවලෙත් පෙම් කරන
බොහෝ උන් එහි වුණා...

අසන්නට යමක්
සිතන්නට යමක්
මගෙ හිතේ නැති වුණා...

මමත් ඔබෙ මතක
හිතින් විදගෙනම
ලහි ලහියෙ පිට වුණා...

අපිත් මුණ ගැහුණු
දවස්වල පුදුම
ආදරේ ඉතිරුණා...

ඉරත් අවරට
යන තුරුම අපි
ආදරෙන් හිනැහුනා...

මතක් වී අදත්
කදුළු කැට ගොඩක්
මගෙ දෙනෙත් තෙත් කළා...

පෙමින් ලං වෙච්ච
බොහෝ උන් දකින
හිත මටම කෙදිරුවා...

ළගින් උන්නාට
උනුත් වෙන් වේවි
මම වගේ අඩ අඩා...

මමත් කුරිරුයි
හිතත් කුරිරුයි
ඔබ නිසා මම මෙදා...

සොවින් වැලපෙනා
උන් දිහා බලමි
සිනාසී හිත පුරා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ???? වදන් වැල් හරි ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps