චතුරංගි හර්ශිකා 4 years ago 141 2 2
උඹට මතකද ඒ දවස්වල
නිරන්තර අපි හමුවුණා...
හැම උදේකම හැම හවසකම
මුවග මදහස දිලිසුනා...
ඒ නිමේෂය අසුරු සැනෙකින්
මගෙ ලොවෙන් පිටමං වුණා...
තවම දන්නෑ අපේ ප්‍රේමය
හැර ගියේ නුඹ ඇයි කියා...
එකම පොළොවක ඉවුරු දෙකකදි
ආදරෙන් අපි හිනැහුණා...
නුඹේ පපුවේ උණුසුමට මම
සෙනෙහසින් තව ළං වුණා...
අපිම ඉදි කළ අපේ ලෝකේ
අපි අපිව සොයමින් ගියා...
මාව හැරදා දුරක් යන්නට
හැකි වුණා පුදුමයි මෙදා...
නිතර මගෙ හිත අහනවා දැන්
උඹට කොහොමද යැයි කියා...
මම දන්නෙ නෑ කොහේ ඇත්දැයි
කුමක් කරමින්දැයි කියා...
මිණිපුරේ එක බිම් ඉසව්වක
මතු දිනෙක මම නැවතිලා...
නුඹට රහසින් සොයනවා යළි
නුඹට කොහොමද යැයි කියා...
නුඹ පරාජිත ජීවිතේ තුළ
සතුට නොවිදින බව සැබැයි...
නමුත් ජයගන්නට ඕනි නැති
උඹේ උන් හරි කම්මැලියි...
එක තැනම දින ගෙවී දවසක
අපි හැමෝමත් මහළු වෙයි...
දන්නවද ඒ දින පවා නුඹ
ඉන්නෙ ඔය මතයේ තමයි...
කාසි සොයමින් තැවෙන්නට මට
අවැසි නෑ ජීවය කෙටියි...
නමුත් මම මගෙ හීන පසුපස
ගොස් දිනමි මගෙ ලොව එයයි...
නුඹ නැති ලොවේ මගේ හිත ළග
යළිත් ප්‍රේමය නූපදියි...
දිනෙක හමුවනු ඇති යළිත් අපි
එදින ඔබ මට තව දුරයි...
- චතූ
Deesha(දීෂා)❤️ 4 years ago ගොඩක් ලස්සනයි ඇත්තටම සතුටුයි කව්රු හිටියත් නැතත් ඔයා ජීවිතේ දිනන්න ඕනිමයි ?
චතුරංගි හර්ශිකා 4 years ago Thank you deesha?