චතුරංගි හර්ශිකා 4 years ago 123 2 2

Nisadas Image

දෛවය

එකම මගක
දෙතැනක උන්
අපි දෙන්නා ගැන...

හීන දකින
ඔහු මාගෙන්
පෙම විමසන විට...

ඔය උඹ හා
හාද වෙලා
උන් හින්දා මම...

ඔහුට බහක්
නොදී නුඹේ
ළග රැදුනා මම...

නුඹත් මගෙන්
වෙන් වුණාම
නොහිතන විදිහට...

හිමිදිරියේ
මම දැක්කා
පුදුම දෙයක් අද...

බහ ඉල්ලා
මගේ ළගින්
හුන් ඔහු සුන්දර...

යුවතියකගෙ
දෑත අරන්
නැගුණා රථයක...

හෙට දිනයේ
උඹත් යාවි
පැටලී දෑතක...

මම තනි මග
බලා හිඳිමි
මගෙ තනි හිත ළග...

හිත් රිදවන
ඔය බැදීම්
නැතුවට කම් නැත...

තනි හිත තුළ
සැනසීමට
ආසයි දැන් මම...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ?? දුකමයි හැම වචනයකම ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps