චතුරංගි හර්ශිකා 4 years ago 152 2 1

Nisadas Image

මගේ ප්‍රේමය

උඹට ළං වූ මුල් දවස්වල
බොහෝ උන් මට රිද්දුවා
මෙහෙම උඹ ගැන හිතන්නේ ඇයි
උමතුවෙන් දැයි විමසුවා...

ආදරේ හදවතේ ඇත්නම්
ළගින් ඉන්නම් දිවුරලා
මම උඹේ ඔය ආදරේ ළග
මගේ හදවත හිර කළා...

කතා කියු අය හිනා වෙද්දී
උඹ මාව අතහැර ගියා
උන් තමයි හරි මමයි වැරදී
අන්තිමේ මට වැටහුනා...

ආදරේ විහිළුවක් වූ කල
සුපෙම් හැඟුමන් නෑ කියා
මගේ දිවියේ හොඳම පාඩම
ඒ නුඹෙන් මම උගත්තා...

- චතූ

Comments (1)

Deesha(දීෂා)❤️ 4 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps