චතුරංගි හර්ශිකා 4 years ago 118 3 2

Nisadas Image

මගේ හිත

ගොඩක් තැන්වල මමත් වැටුණා
නමුත් මට හොඳ හයිය තිබුණා
ජීවිතේ නෙක වේදනා මැද
අඬ අඬා මම හිනා හෙව්වා...

මගේ නෙත් ඉම තරම් කඳුලක්
කාටවත් නොතිබෙන්න ඇතුවා
ආයෙමත් නම් ප්‍රේමයක් ගැන
මගේ හිත තුළ ඉඩක් නැතුවා...

ලෝකයේ හැම තැනම ඇත්තේ
නුඹ වගේ අය තමයි කියලා
මම දනිමි දැන් මට එපා යළි
නුඹ මගේ හදවතම මැරුවා...

තවත් නෙත් ඉම සොඳුරු සිතුවිලි
ඇවිත් ඉදහිට ඉඩක් හෙව්වා
ඒත් මම සදහටම මගෙ හිත
ප්‍රේමයෙන් වෙන් කරලා තැබුවා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ගොඩක්ම

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps