චතුරංගි හර්ශිකා 4 years ago 143 2 3

Nisadas Image

ඔබ නැතිව මම

ඉස්සරම මගෙ හිතේ උන්නෙ උඹ
විතරමයි...
කාලයත් එක්ක නුඹ ගිය පසුව
කවි නිමයි...
ඉන් පස්සෙ ජීවිතේ මට තිබුණෙ
පින්සලයි...
පැන්සලයි මට පුරුදු කැන්වසය
සහ හිතයි...

මගේ හැමදේම මම අදින සිතුවම්
තමයි...
ඒ පුරාවට තිබුණේ මගෙ හිතේ
කැඩපතයි...
මමයි මගෙ පින්සලයි පාට කළ
මගෙ හිතයි...
මගේ හැම මොහොතක්ම සිතුවමක් විතරමයි...

නුඹ මතක මට තියා ගියත් මතකය
මගෙයි...
නුඹ දුන්නු සිහිවටනයත් හරිම
අපූරුයි...
මගෙ අතේ නුඹ පැලැදි වළල්ලත්
එහෙමමයි...
තනි මගේ හිත නිවන සිතුවමක්
වගේමයි...

- චතූ

Comments (3)

ශශී❤️? 4 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps