චතුරංගි හර්ශිකා 4 years ago 178 2 2

Nisadas Image

බලාපොරොත්තුව

මම මගේ හිත ලියූ නුඹ වෙත
කියන්නට මට බොහෝ තතු ඇත
දිනපොතක් වාගෙමයි නුඹ මට
මගේ නිසදැස් ලියන මුහුණත...

මට දැනෙන පාළුවට තනිකම
එකතු වුණ විට වගෙම දවසක
මට දැනෙන නෙක විඩාවන් ළග
නතර වුණි මම නුඹේ පිටුවක...

හිතට නිදහස සතුට සැනසුම
නුඹේ පිටුවක දිගහැරීමට
හැමදාම මම බලා ඉන්නේ
නුඹේ පිටු මත මහිත තැබුමට...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ගොඩක්ම ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps