චතුරංගි හර්ශිකා 4 years ago 158 2 2

Nisadas Image

පොහොය නිවාඩුව

අද උදෙත් පුරුදු හිමිදිරි සුළං
හමනකොට...
මට හිතෙනවා හෙමින් ඇවිදින්න
වැව ළඟට...
උදෑසන උනත් ඒ හවසකදි වුව
මෙහෙට...
සොබාදම ගයනවා ඇසෙන්නට
මේ ගමට...

වැව සෙනේ පාන ඒ සංගීත
සුළඟ මැද...
ගං ඉමේ මට නුහුරු බිම් අඟලකුත් නොමැත...
හැන්දෑවෙ ගොම්මනට පිපෙන රතු
පෙති සුවඳ...
ගම්මු හරි ආදරෙයි හෙන්දිරික්කා
මලට...

පොහොය හුළගත් එක්ක සෙනෙහසින් හිනාවෙන...
පුර හඳ ළඟින් ඉන්න තරු කුමරියන්
එක්ක...
පන්සල් බිමේ සුදු වැලි මතින්
ඇවිද යමි...
හෙන්දිරික්කා මලින් බුදුරදුන්
පුදන්නට...

අද පොහොය නිවාඩුව මමත් ආවා
ගමට...
රෑ උදේ දවල් සවසත් සැපයි මේ
සුළඟ...
හිත නිවන කවියක්ව මගෙ ළඟින්
නතර වුණ...
මේ හැම තැනම තිබේ මගෙ ජීවිතේ
සතුට...

ආයෙමත් හෙට උදේ මම යා යුතුයි
කොළඹ...
නැවත නැත විවේකය විදින්නට මේ
සුවඳ...
විසල් ගොඩනැගිලි ඇති කොන්ක්‍රීට්
පුරය මැද...
හිරවෙන්න මට තවත් මහ වෙලාවක් නොමැත...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ? ලස්සන ගම දාල යන්න වෙනව නේද... නිසදැස ලස්සනයි ❤

චතුරංගි හර්ශිකා 4 years ago Mmm...ow? Thank you deesha...





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps