චතුරංගි හර්ශිකා 4 years ago 133 2 2

Nisadas Image

සංවේදී වෙන්න

හැම මලක් තුළම රැඳි
ලොකු කවක් තිබුණමුත්
කිසි දිනෙක කිසිවෙකුට
එය අසන්නට නොහැක...

උපතින්ම ගොළු වුණත්
මලක් හඩනා හඩක්
සියුම් හදකට ඉතින්
ඇසෙන එක පුදුමයිද...

ලොවට මේ මිහිකතට
ප්‍රේම කළ ඇත්තන්ට
එවන් වූ හදවතක්
තිබුණාට ඉස්සරම...

කාලයත් එක්ක මග
මිනිස්කම හැර ආව
දැන් උන්ගෙ හිත් ඇතුලෙ
එයින් බිඳුවක් නොමැත...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago Hmm ඒකනේ ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps