චතුරංගි හර්ශිකා 4 years ago 140 2 0

Nisadas Image

එදා

මෙහෙට හරියට වැස්ස
උඹට මතකත් නැතිද...

මේ වගෙම තද වැස්ස
ඇද වැටුණි පෙර දාක...

අන්තිමට මුණගැහුන
කදුළු රැදි ඒ දවස...

නෙත පුරවගෙන කදුල
මම නුඹේ දෙස යළි බැලුව...

මේ වගේමයි වැස්ස
එදත් පොළොවට වැටුණ...

අද වගේමයි මතක
මම ඉකි බිඳිනවා තවම...

- චතූ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps