චතුරංගි හර්ශිකා 4 years ago 150 2 2

Nisadas Image

ආදර කතාවක්

ආදරේ හින්දාම
ජීවිතේ නැති වුණත්
ආදරිය ලඟ ඉන්න
පෙරුම් පුරනා ලතෙත්...

හදවතක් ඇති උතුම්
සොඳුරු මිනිසෙක් මමත්
රූප පෙට්ටිය ඇතුලෙ
දුටිමි අද නිසඟයෙන්...

අත් හරින්නට බැරිව
යළි යළිත් රිදවනා
හිත පිරුණු සෙනෙහසක්
මම දුටුවෙ ඒ ඉමේ...

අඩු නැතිව ආදරේ
ඉතුරුවා හැම තැනම
උන්ගෙ හිත් පුරාවට
ප්‍රේමය ම පණ ගැහේ...

ආදරිය වෙනුවෙන් ම
ජීවිතය බිලි දෙන්න
සිදු වුණත් හිත පිරුණු
සෙනෙහසේ ගීතයේ...

හැම තනුවකම වගේ
ඇය තමයි උන්නේම
ඒ දුගී හිත පුරා
ප්‍රේමයම පණ ගැහේ...

අහස සඳ සේ දුරක්
උන් අතර තිබුණාට
උඹ වගේ ඔහු ගියේ
නැහැ අතැර ආදරේ...

ඒ ටෙලි කතා පුවත
පුරා හැම රැයකදිම
දිග හැරෙන විට ඉතිං
පුරුදු ඒ කනිසමේ...

මම එතැන නොරැඳීම
නෑසෙනා මායිමට
පලා යමි වේගයෙන්
නොදකින්න ආදරේ...

කතා පොත් කවි පුරා
ටෙලි කතාවන් පුරා
මිහිර විසිරුවා හැරි
මුදු සුවඳ ආදරේ...

දකින මොහොතක පවා
මටම යළි රිදවනා
උන් කියන උතුම් වූ
කතාවද ආදරේ...

මට ම පමණක් මෙහෙම
අහිමි වුණ රිදුම් දෙන
මම දුටුව කදුළු කව
නොවෙද ලොව ආදරේ...

පතිනි පූජාවක් ද
ඒ තරම් පේ වෙච්ච
පුදුම සහගත සොඳුරු
උතුම් වූ ආදරේ...

මට හරිම පුදුමයක්
රචකයා ලියපු ඒ
උන් රඟන කතාවද
ඇත්තටම ආදරේ...?

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago හරිම ලස්සන පද පෙළක් ?????????

චතුරංගි හර්ශිකා 4 years ago තෑන්ක් යූ දීෂා ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps