චතුරංගි හර්ශිකා 4 years ago 131 4 8

Nisadas Image

මම

හිත කෑ ගහලා ඇඬුවට
මම ඉඩ දෙන්නේ නෑ...

තව නුඹ ගැනම හිතුවට
දැන් ප්‍රේමයක් නෑ...

මනසට නිතර ආවත්
මට නුඹ ඕනි නෑ...

නුඹ දුටුවාම ආයෙත්
මම වැලපෙන්නෙ නෑ...

මල් පිපෙන හැම ගහකම
මල් පවතින්නෙ නෑ...

පර මල් බිමට හැලුණට
ගහ වඳ වෙන්නෙ නෑ...

එක බසයක් මග හැරුණට
මග තනි වෙන්නෙ නෑ...

මහ පාරේ තව වාහන
නෑවිත් තිබුණෙ නෑ...

ගිම්හානය ගස් මැරුවට
කතරක් මැවුණෙ නෑ...

මහ සාගරය ගැලුවත්
මිනිසුන් වැටුණෙ නෑ...

එක පිටුවක් නිම වූවත්
තව පොත අහවර නෑ...

එක කවියක් නැවතුණ මුත්
කවියා තව මැරුණෙ නෑ...

- චතූ

Comments (8)

Deesha(දීෂා)❤️ 4 years ago Awesome ????

චතුරංගි හර්ශිකා 4 years ago Thanks?

ශශී❤️? 4 years ago ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 4 years ago Thanks

සත්සරණි 4 years ago ❤❤

Methmi Nimnadi 4 years ago Akka mewa athdakimenda liynne..

චතුරංගි හර්ශිකා 4 years ago Samahara ewa?✍️

චතුරංගි හර්ශිකා 3 years ago සමහර ඒවා හිතට එන සිතුවිලි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps