චතුරංගි හර්ශිකා 4 years ago 189 4 6
මේ මද්දහන මැද්දෙ
ගිනිගන්න නුඹේ ගැන
මට දුකයි මේ තරම්
ඉවසයිද කවුරුවත්...
කහ පාට රතු වෙලා
ඉර ඉතිං ගිනි අරං
ඒත් කදුලක් නොහලා
ඉන්න හැටි පුදුමයක්...
වළාකුළු නං ඉතින්
මේ සැරට පිච්චිලා
අළු වෙලා යන්න ඇති
ඒ නිසයි අහස හිස්...
මොන තරම් පෑව්වත්
ගිනි අරං පිච්චුණත්
අළු වෙලා උණු වෙලා
මියැදුණේ නැහැ නුඹත්...
ඉර හරිම පුදුමයක්
දවස තිස්සෙම දුකක්
දරාගෙන පසු දිනත්
නුඹ එනවා ආයෙමත්...
ඉරත් දුක් ගිනි දරන්
හැමදාම හිනැහෙනා
මවක් වාගෙයි කියා
හිතෙනවා මට දැනුත්...
ගිනි ගහන අව් ගින්න
දරාගන්නට බැරුව
මිනිස්සුත් ඉතිං තව
ඉරට බනිනව වුණත්...
හැම දේම විද දරන්
එකවගේ ශක්තිමත්
නුඹ වගේ කෙනෙක් නම්
මම දැකලා නෑ තවත්...
- චතූ
Deesha(දීෂා)❤️ 4 years ago Excellent my dear ?
චතුරංගි හර්ශිකා 4 years ago Thank you dr
ශශී❤️? 4 years ago Superb ?
සත්සරණි 4 years ago ❤
Kavinda Sahan 4 years ago ?
චතුරංගි හර්ශිකා 3 years ago ?