චතුරංගි හර්ශිකා 4 years ago 164 3 6

Nisadas Image

මේ නිසදැස් අඩවිය

නැවතුණු තැනින් ඉතිං
ආයෙමත් අරඹන්න
වැටෙන හැම මොහොතකම
මට යළිත් නැගිටින්න...

හැකි බවක් මම ඉතින්
උගත්තේ හරි පුදුම
නේක නිසදැස් ලියූ
මෙහෙ උන්ගෙ කවි වලින්...

මම මෙහෙට ආවාම
මගෙ හිත නිවා ගන්න
ලොවට නොකියන කදුළු
මේ පිටුවෙ හැරයන්න...

බොහෝ උන් මම දුටුවා
වේදනා විඳගන්න
ඇවිත් ගිය බවක් මෙහි
කදුළු හලලා යන්න...

සතුට දුක හැමදේම
කවි කරපු අකුරු ළග
ඇතැම් තැනකදි කදුළු
මහ ගොඩක් තිබුණාට...

හැමතැනම මුතු අකුරු
අමුණාපු කවි අතර
හැම දේම රසවිඳින
හිතක් තිබුණා උන්ට...

හඩපු කදුළුත් හිදෙන්නට පෙර
හිනා වෙන්නට හේතු ලිවු අය
ප්‍රේමයේ රළු වේදනා මැද
වේදනාවත් කවි කරපු අය...

අහස පොළවට ලෝකයට නෙක
සොබාදහමට ප්‍රේම කළ අය
ජීවිතේ සතුටත් දුකත් මේ
සොඳුරු පිටු මත අකුරු කළ අය...

හිනාවෙන අය හඩා යන අය
ලියූ නිසදැස් රසවිඳින අය
නේක විධ වූ කවිකාර අය
මේ පිටුව තුළ මම දුටුව අය...

වේදනාවත් කදුල සුසුමත්
පොදු දෙයක් බව ලෝකයේ තව
මේ ඉසව්වෙන් මම උගත්තා
ජීවිතේ හැම තැනම කවි රස...

- චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 4 years ago Woow very very nice! ?✍️?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?

ශශී❤️? 4 years ago ඒක නියමයි චතූ❤️

චතුරංගි හර්ශිකා 4 years ago Thank you shashi

Kavinda Sahan 4 years ago නියමයි නිසදැස

චතුරංගි හර්ශිකා 4 years ago Thanks?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps