චතුරංගි හර්ශිකා 4 years ago 125 4 6

Nisadas Image

පින්තූරය

හැමදේම දරාගෙන
හැමදාම එක වගේ
ආදරේ සුරකින්න
හැකි හිතක් තිබුණාද...

රළු ගැහැට ආ විටදි
ප්‍රේමියව රැක ගන්න
හැකි එකම පෙම්වතෙක්
මෙමිහිමත හිටියාද...

කාලයේ මෙතෙක් දුර
සැබෑ ලොව නොදැකි එක
සුන්දරම ප්‍රේමයක්
අහම්බෙන් දුටුවාම...

මට ලෝභ හිතෙනවා
මම නොදුටු ප්‍රේමයක්
උන්ගෙ ඇස් ඇතුලෙ මට
ඇත්තටම පේනකොට...

- චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 4 years ago ? ලස්සනයි ගොඩක්ම

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?

ශශී❤️? 4 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thanq??

සත්සරණි 4 years ago ?

චතුරංගි හර්ශිකා 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps