චතුරංගි හර්ශිකා 4 years ago 175 4 2

Nisadas Image

කිටියා

අකීකරු හිත අස්සෙ
මොහොතකට ඉරි ඇන්ද
දඟකාර දෙපා පොඩි
හොර හොරෙන් මං ගාව...

උදේ හවසත් ඉතින්
මහ රෑත් ලඟ ඉන්න
හොඳම මිතුරා මගේ
ඔය සිඟිති හුරතලය...

පුංචි දෑසින් බලා
ලඟින් දැවටී ඉන්න
හැම මොහොතකම වගේ
දෙපා ලඟ ගුලිවෙන්න...

දඟකාර කම් ඉතින්
අඩු නැතිව හැම තැනම
බොඳ කරන මගෙ කිටී
උඹ තමයි මගේ මල...

- චතූ

Comments (2)

ශශී❤️? 4 years ago කිටියා?

චතුරංගි හර්ශිකා 4 years ago ??❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps