චතුරංගි හර්ශිකා 4 years ago 130 2 2

Nisadas Image

වසන්තය

මේ මල් පිරුණු
පාරේ නෑ
කටු පඳුරු...

හිතවත් මගේ
සිතුවිලිවල
නෑ කදුළු...

වස්සානයට
මියැදෙන
සමහර පඳුරු...

ගිම්හානයේ
දළු දැම්මා
තුළ වදුළු...

අද මම මගේ
ජීවිතයේ
නැවතුමක...

සිනහව සොයා
ආ මග එක
හැරවුමක...

පෙරුම් පුරා
ආ ගමනේ
සැනසුමක...

මල් ලිය මඩුළු
මැද හිනැහෙමි
මොහොතකට...

මේ බිම මගේ
දුක සැප
සමසේ ගන්න...

මගෙ ජීවිතේ
දිනයක මට
ජයගන්න...

නුඹෙ ඔය සෙවන
මහමෙරක්ය
මගෙ හිතට...

මේ පින් බිමේ
නැත කදුලැලි
ඇහිදින්න...

සිනහව බෙදමි
වස්සානේ
දැන් ඔන්න...

චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago Excellent my dear

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps