චතුරංගි හර්ශිකා 4 years ago 137 2 1

Nisadas Image

පොත

නොකී කවියක
තවත් පිටුවක්
හෙමි හෙමින්
පෙරළා බලා...

මැරුණු පත්ඉරු
පැන්සලයකින්
මම හොරෙන්
එහෙ මෙහෙ කළා...

නිශාචර හිත
රෑ හීනවල
දෑස් නොපියා
සිටි නිසා...

ඇස් පියන්
බරවී රිදෙයි තව
කදුළු නැති
ගල් හිත නිසා...

වියළි මල් කොල
වාගයක් ඇත
පොත ඇතුලෙ තව
වේලිලා...

මුල් අදින්නට
පොත ඇතලෙ ලූ
අක්කපානත්
මියැදිලා...

පොතේ පිටුවල
ලිව්ව මතකය
මැරුණු හින්දා
ගොළුවෙලා...

පෑන් පැන්සල්
ඉරි එක්ක තව
කොලත් ගියදෙන්
මැලවිලා...

- චතූ

Comments (1)

Deesha(දීෂා)❤️ 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps