චතුරංගි හර්ශිකා 4 years ago 114 4 5

Nisadas Image

ග්‍රැහැම්බෙල් නුඹට ලියමි

ග්‍රැහැම්බෙල් නුඹ
මගෙන් නොඅසා
දුරකතනයක්
හැදුවෙ මොකටද...

ඒ යන්තරෙන්
එක අංකෙකට
සිය වතාවක්
ඇමතුවා මම...

එහා පැත්තෙන්
පිළිතුරක් නෑ
දැන් මාස ගානක්
වෙනව තව...

හැම අංකෙටම
උත්තර දෙන්න
ඇයි හැමෝටම
නොකිව්වේ නුඹ...

පෙර දින වලදි
නොනවත්වාම
මගෙ අංකයට
ඇමතුම් ආව...

ඒ අංකයෙන්
හැම උදයේම
නොවරදවාම
මට සුබ පැතුව...

දැන් ඇයි මෙහෙම
නුඹ හැදුවාට
වැරදියි වගේ
මේ නිමැවුමම...

ආයෙත් ඇවිත්
හදලා යන්න
මේ යන්තරේ
කැඩිලද කොහෙද...

- චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 4 years ago ?? Nice ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?

සත්සරණි 4 years ago Very nice ❤

චතුරංගි හර්ශිකා 4 years ago Thanks?

නදී ..✍???? 3 years ago ????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps