චතුරංගි හර්ශිකා 4 years ago 151 2 2

Nisadas Image

ඇය සහ නුඹ

පුන් සඳ හීන අරගෙන නාව
එක රෑක...
මල් මිණි ඉහින ලස්සන පින්න
ආවාම...
නෙත් ළග ගීත සිතුවම් කරන
තරු රෑන...
නුඹ ළග නැතත් මම තනි හීන තුළ
රැඳින...

රෑ ගොම්මනට හැම මොහොතකම
මට රිදෙන...
මගෙ හිත් යාය ගොඩ ගලනා
අයුරු ගැන...
මම පමණක් ම දැනගත්තාවෙ
මගෙ සුසුම...
හෙට එළිවෙන්න පෙර ආයෙත්
ඔබ යන්න...

මල් පැණි බොන්න බඹරෙක් ආව
අපෙ ලන්ද...
මැද හැමදාම පරසතු පිපුණි
ඌ නැතුව...
මල හැර යන්න නැහැ වැටකඩුළු
බඹරුන් ට...
කොහොමත් බඹරු එකතැන රැදෙන් නෑ එහෙම...

තරු වැල් වලින් මල් වැල් හදන
රෑ ගගන...
පිණි කැට වලින් මුතුවැල් ගොතනවා
තවම...
දුහුලැල් වළා රොදකින් මංගල
ගවුම...
මැසුවා සදලියට උන් දීගෙක
යන්න...

මගෙ තනි ගීත මම තනි රෑක
දෙඩුවාම...
කවදාවත් ම අවතැන් හීන
නොදවන්න...
නුඹ නම් ඉතින් ඈ අත රැගෙන
සද රෑක...
මංගල ගමන යන්නට යාවි
සතුටින්ම...

රොබරෝසියා මල් පාරේ ම
එක දාක...
මා හා ගියා මතකයි නම්
එය තාම...
කවදාවත් ම හැරයන්නෙපා
නුඹ ඈව...
ප්‍රේමය පූජනීයයි නුඹ
දන්නෑ ඒක...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ගොඩක් ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps