චතුරංගි හර්ශිකා 4 years ago 139 3 3

Nisadas Image

සිතුවිලි

ප්‍රේමය?

මමයි මගෙ හදවතයි
පැතුම් මියගිය හිතයි
වන්දනාවේ ගියා
පෙම් පුරාවත් සොයා...

භාරත බිමේ සොඳුරු
කිරි ගරුඬ මැදුර ළග
මගේ හිත නතර වී
බලා සිටියා එදෙස...

මේ තරම් සුන්දරව
සිහිවටන තනන්නට
සාජහන් මොන තරම්
ආදරෙද දේවියට...

ඒ තරම් ආදරේ
පිරුණ නම් ඒ හිතට
මාළිගේ හදපු උන්
අමු අමුවේ මරාවිද...

තවත් දුර ඉගිලිලා
යමුණාවෙ ඉවුරකට
මමයි මගෙ හදවතයි
ගොඩවුනා මොහොතකට...

රාධාව ක්‍රිෂ්ණාව
ප්‍රේමයේ ලියැවෙන්න
මොනතරම් ආදරේ
සුන්දර ද උන් ගාව...

යමුනා නදී තෙරේ
රාධා වගේ තවත්
සොඳුරු සුන්දර ළදුන්
හිටියා ලු ක්‍රිෂ්ණා ට...

තවත් දුර අපි ගියා
නැවතිලා මොහොතකට
මගේ හිත ආයෙමත්
විමසුවා මගෙන් තව...

රාමාට සීතාට
පුරාවත් ලියැවෙන්න
මොන තරම් ආදරේ
තිබුණා ද ඔවුන් ළග...

රාවණා පැහැරගෙන
ගිය නිසා සීතාව
සැක කලා නම් ඈව
ප්‍රේමයක් තිබුණා ද...

හැම තැනම සොයා ගොස්
හති වැටී ආවමුත්
නොහැකි විය සොයන්නට
සැබෑ ප්‍රේමය තාම...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 4 years ago ගොඩක් ලස්සනයි ඒවගේම ගොඩක් අර්ථවත් ✍️?

ශශී❤️? 4 years ago ලස්සනයි හැම වචනයක්ම ඇත්ත ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps