චතුරංගි හර්ශිකා 4 years ago 154 3 2

Nisadas Image

අම්මා

ඇගේ උකුලේ
සැනසෙන්න මට

නොහැකි වූ ලොව
කුමන කිරුළුද

මවක් ළග නැති
අඩුව තනිකම

පුරවන්න හැකි
වුණේ කාටද?

මම නොදුටු මගෙ
ළමා කාලේ

මගේ අම්මා
මෙහෙම වෙන්නැති

හිතා ඉදහිට
මමත් හැඩුවා

මම නොදුටු
සෙනෙහසක් වෙනුවෙන්

අන්ධ හදවත
මැද නතර වුණ

එකම එක රළු
පුංචි සුසුමක

පවා ඉදහිට
මමත් හෙව්වා

ඇත්තටම
අම්මලා කොහොමද?

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ?

ශශී❤️? 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps