චතුරංගි හර්ශිකා 4 years ago 170 2 2

Nisadas Image

පාළුව

දාහක් දෙනා අතරෙ
එළි වෙනවා
රෑ වෙනවා...

මං වටේට
ගොඩක් අය
ඉන්නවා...

හරියට
එළිය පිරෙන්න
හොදට ජනෙල් ඇරපු
කාමරයක් ඇතුලෙ වගේ...

ඒත්...

මගෙ හිත ඇතුලෙන්
හරි අමුතු
පාළුවක් දැනෙනවා...

හරියට,

මම මේ හැම දෙයක්ම දිහා
පිටින් ඉදන් බලාගෙන ඉන්නවා වගේ...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ?

චතුරංගි හර්ශිකා 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps