චතුරංගි හර්ශිකා 4 years ago 158 2 2

Nisadas Image

පොතකින් බිදක්

(පොත් හෙර)

ඊයේ මැදියමේ මගෙ හදවත
රැදුන...
මගෙ නෙත් නින්ද උදුරාගෙන හිත
නිවන...
රසවත් පොතක පිටු කිහිපයකින්
දැන්ම...
මගෙ කවි පොතට කීමට ඇති තතු බොහොම...

හිට්ලර් දරුණු නායකයෙකි ශාප ලැබූ
ඔහුගේ රුදුරු සැඩ පාලනයට මැදි වූ
එරටම වැසියන් පවා හරි දුක් විඳි අයුරු
උන්ගේ මතක සටහන් තුළ ඇත කදුළු...

පොත් හෙර ඈ නමින් ලීසෙල් වූ දැරිය
හදවත මිදෙන හීතල හිම ඇති රැයක
තම සොහොයුරා නෙත් ළග මියැදුනු අයුර
දැකගත්තාය අසරණකම තුළ ගුලිව...

ඒ හිම පොලොව තුළ හීතල හිම කැටියේ
වර්නර් මිහිදන් කලේ උන් හිතකින්ද
රැයේ
තම පුතු හැර දමා යන්නට හිතන පැයේ
අසරණ මවගෙ මුව මත වේදනා පෙනේ...

වර්නර් ඔවුන් හැරදා දුර ගිය
දිනයේ...
ලීසෙල් එදා පළවෙනි පොත ළග
හුන්නේ...
සොහොන් පල්ලන්ගෙ අත්පොත හොර රහසේ...
දැරියගෙ ගැහෙන සීතල දෑතේ
රැදුනේ...

කැපකරු යුවල ළග ඇය නවතා දිනෙක...
ඇගෙ මව යන්න ගිය දා යළි නේන්නට...
හාන්ස් හරි පුදුම මිනිසා ඒ ගෙදර...
මිතුරෙක් පියෙක් වූවා පොඩි ළදැරියට...

කාලය ගෙවී හිට්ලර් බිලිගත් බොහොම...
හිතවත් හිත් ගොඩක් අහිමිව ගිය කලට...
නොනවත්වාම පොත් හොරකම්
කළ ඇයට...
නරකක් කලේ නෑ දෛවය නපුරු වුව...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago Woow woow grateful my dear

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps