චතුරංගි හර්ශිකා 4 years ago 149 2 2
සද රැයක මැද මිදුලෙ
වාඩි වී උන්නාම...
උළු යටින් හොර හොරෙන්
සද එන්න ගත්තාම...
මගෙ අඩන ඇස්වලට
ඒ එළිය වැටුණාම...
බොද කදුළු වත පුරා
හැකි වේවි දැකගන්න...
මම දන්නවා නුඹට
ඕන නෑ නවතින්න...
ළංවුණේ හිතින් නම්
නොහැක මේ ලෙස යන්න...
නුඹ ගියත් නැතත් මම
යා යුතුයි මගෙ ගමන...
එ් නිසා අවැසි නම්
තව නොඉද හැර යන්න...
දස්කොන්ට හැකි වුණත්
ප්‍රමිලාට පෙම දෙන්න...
ඒ ආදරේ නිසා
ජීවිතේ බිලි දෙන්න...
ඒ තරම් පෙම් කරපු
කන්නගී හැර යන්න...
කෝවලන්ටත් හැකියි
ආදරේ රවටන්න...
නුඹට මට මොන පෙමද
තවත් නොරැදී යන්න...
පෙම් පුරාවත් තිබුණෙ
පොත් වලයි හැමදාම...
භව්‍ය ලොව තවම නැහැ
සැබෑ පෙම දැකගන්න
ප්‍රේමයත් විහිළුවක්
ඉතින් දුක නැහැ ඔන්න...
චතූ
Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ගොඩක්
චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?