චතුරංගි හර්ශිකා 4 years ago 161 3 4
රළු ග්‍රීස්මේ දිනෙක
මම රැදෙන මේ මොහොත...
හිරු දවන රත් අහස
ගෙනෙයි ගිනියම් සුළග...
තල් අරඹ මැදින් එන
නේක විධ වූ නාද...
ඇතිකලේ වෙනකව්ද
දෙමලිච්චො නුඹ මිසක...
කෑම සොයලා ඇදෙන
ලේන් පැටියෙක් වරෙක...
රළු පොලොව මත වැටී
බලා සිටියා මදෙස...
මොහොතකින් සිහි එලව
ගත් නිසා ඌ හනික...
උසම උස අත්තකට
දිව ගියා ඒ විගස...
ආකහේ වලාකුළු
එකක්වත් නැතුවාට...
හවහාට වහින්නට
බැරි කමක් නෑ මෙහෙට...
ගිනියමට ගිනිගන්න
තණ පදුරු තෙත් වෙන්න...
වැහි පොදක් ආවොතින්
මනාපයි අද හවස...
ඉරිඟු යායට උඩින්
කපුටු රෑනක් හෙමින්...
පියාඹාගෙන ගියා
ඊසාන දිශාවට...
ලතෙත් දිය ඇලි ගලන
කදුකරයෙ හීතලට...
උනුත් ළගදීම යයි
හැර දමා මේ හුළග...
මම උපන් මගේ ගම
හැර දමා කොහි යම්ද...
මෙයයි මගෙ උරුම ලොව
මගේ විජිතය තැනුන...
මෙහිම ඉපදී දිනෙක
මේ බිමේ මගෙ සොහොන...
ඉදිවේවි එයයි මගෙ
දෛවයේ උරුමකම...
මේ ග්‍රීස්මේ තුළම
මේ වියළි පදුරු තුළ...
අනුන් නොදකින සිසිල
මගෙ නෙතට දකිනු හැක...
මමයි කවියා කටුක
ගිනියමට පෙම් බදින...
මගේ කවි හිත පුරා
ඇත සෙනෙහෙ දිය නිතර...
- චතූ
Deesha(දීෂා)❤️ 4 years ago කියන්න වචන නැහැ ඒ තරමටම ලස්සනයි ???
චතුරංගි හර්ශිකා 4 years ago තෑන්ක් යූ දීෂා?
ශශී❤️? 4 years ago ගොඩක් ගොඩක් ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 4 years ago Thanks ??