චතුරංගි හර්ශිකා 4 years ago 144 3 4

Nisadas Image

දවසේ සටහන

2020 අගෝස්තු මස 15 වැනිදා
ප.ව. 06.35

කියන්නට බොහෝ දේ
මා සතුව ඇත අදත්...
මගේ දිනපොත නුඹයි
මගේ දුක සැප අසන්...
නිසදැසින් කවි වලින්
බොහෝ දෑ මම ලියත්...
නුඹේ මුව මත ලියා
මම නිදහසක් සොයම්...

ඉතින් මාගේ සබද
අද ගොඩක් දිග දිනක්...
හිරු පෙරඹරින් ඇවිත්
දවාලයි මිහි කතත්...
උදෑසන ගේ ගාව
ලන්ද මැද්දේ හුගක්...
කුරුළු කිරිලියො ඇවිත්
ගීත ගැයුවා පැයක්...

හිරු මුදුන් යාමයේ
හරි ග්‍රීස්මය වුණත්...
දුර අහසෙ වලාකුළු
දෙකක් තිබුණා තවත්...
මම ඉතින් හැමදාම
වගේ මගෙ පොත් ගොඩත්...
පින්සලය පැන්සලය
සමග ගෙව්වා දිනක්...

හැන්දෑව ගෙන ඇවිත්
අවරඹර රතු කරන්...
හිරු ඉතින් බැස යන්න
සැරසුණා ආයෙමත්...
සදු අහසෙ නැගෙන්නට
තව තිබේ පැය දෙකක්...
රැය වඩින තුරු ඉතින්
බලා ඉමු අපි තවත්...

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago හරිම ලස්සනයි ඔයාගෙ හැම වචනයක්ම ?

චතුරංගි හර්ශිකා 4 years ago තෑනක් යූ දීෂා ?

ශශී❤️? 4 years ago ගොඩක් ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 4 years ago Thank you shashi





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps