චතුරංගි හර්ශිකා 4 years ago 145 3 7

Nisadas Image

මලවි නුඹට

අවතැන් ගිලන් හිතම
යළි යළිත් පාරන්න
මතකයේ සැඩ සුළං
එපා අරගෙන එන්න...

මහ වැස්ස ගන අඳුර
තනි කෙරූ සද අහස
හුදෙකලා සැන්දෑව
මං බයයි උඹලාට...

මැරුණු මතකය තුළින්
එපා යළි නැගිටින්න
එපා ආයෙත් ඇවිත්
මගෙ හැගුම් පාරන්න...

පාඩුවේ මට ඉන්න
දී ඈතකට යන්න
පාළු ගනදුර ගේන
වැස්ස යළි නොවසින්න...

ප්‍රේමයේ වසත් කවි
නෙත් ළගම ලියවෙන්න
වසන්තේ පෙම් පුවත්
එපා මට පෙන්නන්න...

මට නොහැක ලතැවෙන්න
රිදුණු හිත හඩවන්න
දෛවයේ නාමයෙන්
එපා මට වදදෙන්න...

මලවි හී සර විදින
පෙම් කතා දොඩවන්න
එපා මගෙ දෑස් ඉම
ඒ පුවත් මුමුණන්න...

උන් දන්නෙවත් නොමැති
මගෙ කැඩුණු බිදුණු හිත
උන්ගෙ පෙම් වදන් ළග
දවා හළු වෙනා වග...

උන් නගන පෙම් කතා
එපා මට දැකගන්න
උන් දකින නිල් අහස
දවයි මා මතක හිත...

එපා මතකය අගට
කදුළු අරගෙන එන්න
එපා මට ආයෙමත්
පෙම්වතුන් පෙන්වන්න...

- චතූ

Comments (7)

ශශී❤️? 4 years ago ?

Deesha(දීෂා)❤️ 4 years ago හිත ඇතුලෙම ලියපු දුක එක්ක පැටළුණු ඔයාගෙ හැම නිසදැසක්ම හදවතේ ගැඹුරුම තැනයි ස්පර්ශ කරන්නේ ?

චතුරංගි හර්ශිකා 4 years ago ?තැන්ක් යූ දීශා. සමහර මතක හිත් ඇතුලෙ ඇනිල හැමදාම රිද්දෝනව ! හරියට නරක් වුණු දතක් වගේ...?

Deesha(දීෂා)❤️ 4 years ago හ්ම්ම් ඔව් චතූ මට එකනම් හොඳටම දැනෙනවා

චතුරංගි හර්ශිකා 4 years ago ??

සිතුවිලි පාරමී 4 years ago ගොඩක් හැඟීම්බරයි. ලස්සනයි. ❤️

චතුරංගි හර්ශිකා 4 years ago Thank you පාරමී?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps