චතුරංගි හර්ශිකා 4 years ago 165 3 6

Nisadas Image

පොත්

මගෙ ළමා විය ගාව
හිත ළගම තනි මැකුව
කතා පොත් ගොඩක් ඇත
අද තෙක්ම මං ගාව...

ලෝරා ගේ ජීවිතේ
හරි පුදුම සිහිවටන
හීන අස්සේ පවා
මට දැනුණි හැම රෑම...

කදුකරයෙ හරි සොඳුරු
පුංචි ගෙදරට ආව
හෙයිඩිගේ දගකාර
සිනහ මල් කවිකාර...

සීය සහ ඇය ගාව
මගෙ හිතත් සද රෑක
නැවතුණා හරි පෙමින්
පුංචි ගේ පැල ගාව...

පොලියානගේ පුදුම
සෙල්ලමට වහ වැටුණ
මගෙ මනස දැන් වුනත්
සතුටු වෙයි ඒ ගැනම...

සත් සුමිතුරන් ගාව
මට ඉඩක් නැතුවාට
හොරු සොයා යන්න නම්
මං මනාපයි තාම...

මැටිල්ඩාගෙන් පුදුම
පොත් ඉල්ලගෙන එන්න
ඇය වගේ පොත් ගොඩක්
මටත් හැකි කියවන්න...

බේකර් වීදියේ රැයක
හෝම්ස් ගේ පුදුම තැනට
මටත් හැකිනම් යන්න
ටැක්සියක මේ දැන්ම...

ඇලිස් එක්කල පුදුම
විස්ම ලන්තෙට යන්න
මමත් මග බලනවා
දැන් වුනත් හැමදාම...

හොග්වාට්ස් වලින්
මටත් ලියුමක් එන්න
බැරිකමක් නෑ කියා
මට හිතෙනවා තාම...

මැජික් කෝටුව අරන්
හැරී පොටර් එක්ක
ඒ පාසලේ මිහිර
විදිනවා ගිය දාට...

හත්පෙති මලට අරුම
මගෙ හිතම බැදි තරම
ෂේන්යා වුණත් එය
නොදන්නව ඇති තාම...

මටත් ආසයි අරුම
පොත් තුළින් ඇතුළටම
ඒ වචන තුළ කිමිද
විදින්නට හැමදාම...

- චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 4 years ago Woow ??

චතුරංගි හර්ශිකා 4 years ago Thanq?

සිතුවිලි පාරමී 4 years ago oya liyana widiha harima lassanai. ❤️

චතුරංගි හර්ශිකා 4 years ago Thank you පාරමී?

Nethu 3 years ago Aneeee .e poth Tika.????

Nethu 3 years ago Woowwwwww❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps