චතුරංගි හර්ශිකා 4 years ago 135 4 4

Nisadas Image

අඟුරු සිතුවම්

ඉදහිට අපි ඇන්ද සිතුවම් හරි
සොදුරුයි
හමුවුණු තැන් පුරා මතකය හරි
සුවදයි
අපි ගැන අදින පැන්සල් ඉරි වුව
මිහිරියි
එනමුත් නුඹ සෙවූ සායම් මිල
අධිකයි

සොඳුරු ම තැන්වලයි රැදුනේ මතක
පොදි
උඹ ළග ගෙවෙන මොහොතත් මට පැයක් වුණි
උඹ ඇති මගේ හිත පතුලේ තදට
ඇදී
ඒකයි තවම මතකය මට මකනු
බැරි

උඹ නම් හරි සොඳුරු දේදුනු පාට
හොයා
මගෙ රුව උඹේ හද මත ඇදි බව
කිව්වා
එනමුත් මම මගේ හද කොළපත
පිසදා
එ් මත අඟුරු කැටයෙන් උඹෙ රුව
ඇන්දා

නුඹගෙන් විමසන්න පැනයක් ඇති
හැම දා
අඟුරෙන් ඇදි මතක මැකුමට මට
බැරි දා
මිල වැඩි සායමෙන් ඇදි මගෙ රුව
මකලා
වෙන සිතුවමක් ඇන්දේ කොහොමද
කියලා

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago හැම වචනයකම දුක ?

ශශී❤️? 4 years ago අනේ ඒක?

චතුරංගි හර්ශිකා 4 years ago Hmm, ?

සිතුවිලි පාරමී 4 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps