ශශී❤️? 4 years ago 235 5 8

Nisadas Image

?

දෑතම දිගුකර දිවුරුම් දුන්නට කිසි දින හැරදා නොයමි කියා
ඒ දිවුරුම අද කදුලක දැවටී පවනේ පාවී යයි රිදවා
සෙනෙහස විදිනට නුබගෙන් මොහොතක් මට අවසර නැති බව දැනිලා
නුබ දුර ඈතක පාවී යනු දැක මගෙ සිත සුසුමින් වට කෙරුනා
පෙරදින හමුවී දොඩමලු වූ ඒ සුමිහිරි මතකය අවදි වෙලා
වසන්තයට පෙර ගිලිහුනු කැකුලක් හැගුමන් ලග අද වැද වැටිලා
උයනක වැතිරුනු සීතල පිනි බිදු තුශර හිමේ අද තනිවීලා
ඈතින් පෙනෙනා බොද වූ සිතුවම මා ලය කුසුමේ පරවීලා
පාලුව තනිකම සතර දිගින් විත් විකසිත කුසුමක් ගත වෙලුනා
හැන්දැවක පිපි සමන් පොහොට්ටුව නටුවෙන් ගිලිහී බිම වැටුනා
දෙලොවක් අතරේ සරන මගේ සිත නුබෙ රුව ලග විත් නතර වුනා
ආපසු යන්නට පෙර එක මොහොතක් සුවද තියන්නද දෙතොල් නුරා
ගොම්මන් අදුරේ සිසිල් සුලග වී නුබ මගෙ සවනට රහස් කියා
ඇසිපිය සලනා එකම නිමේශෙන් නුබෙ හඩ දුර ඈතක රැදිලා
පියවෙන දෙනුවන් නුරා මතින් දැන් සයනේ ගුලි වී ගිලන් වෙලා
සුරගන වේශෙන් මා මැවු සිහිනය අද මට නොකියම දුරස් වෙලා

ශශී

Comments (8)

Deesha(දීෂා)❤️ 4 years ago ???

✍️Nilushi Nisansala✍️ 4 years ago ?????

Methmi Nimnadi 4 years ago ඇත්ත සිදුවීමක් වගේ.ලස්සනයි ගොඩක්..❤️

ශශී❤️? 4 years ago Thank u❤️

Supuni Nilukala? 4 years ago ??❤️❤️

සත්සරණි 4 years ago ?❤

චතූ 3 years ago ලස්සනයි ?✍

ශශී❤️? 3 years ago Thank u❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps