ශශී❤️? 4 years ago 186 4 6

Nisadas Image

සිහිනය

සීත මිහිදුම් සලු එලා
පබලු පිනි කැට වපුරලා
නුබේ සිත දගකම් කරනවද
මගේ නෙත් මත පැටලිලා
සිහින තරු දෙස නෙත් යොමා
හැගුම් සුසුමක දවටලා
කොපුල් තලයට හාදු දෙන්නද
ආදරෙන් තුරුලට වෙලා...
සුලග මුමුනන පෙම් කතා
මගේ දෙසවන රදවලා
සිතින් නුබ මගෙ ලග ඉන්නවද
හන්තාන සේ නොසැලිලා
අදුර මැද මුලු රැය පුරා
එලිය දෙන සද වගෙ ඔයා
නුබ මගේදැයි මට කියනවද
හෙමින් සවනට කොදුරලා...

ශශී

Comments (6)

✍️Nilushi Nisansala✍️ 4 years ago ????

Deesha(දීෂා)❤️ 4 years ago ????

ශශී❤️? 4 years ago ❤️❤️❤️

සත්සරණි 4 years ago ?

චතූ 3 years ago ලස්සනයි ඒ වචන

ශශී❤️? 3 years ago Thank u chathu❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps