ශශී❤️? 4 years ago 193 4 7
සුදු පාට මීදුමට මුහු වෙච්ච
මද සුලග
දග කලා උනුහුමට දැවටිලා
අප ලගම
ඈත කදු වලලු මැද තනිවෙච්ච
කෝවිලට
පියමැන්න හැටි නුබට මතකයිද
මගෙ සොදුර...
අතින් අත පටලවා ගුලිවෙලා
උනුහුමට
නෙතින් නෙත දල්වලා ලන් වෙලා
සිත් ගැබට
කදු යාය නිම්නයක තනි වෙලා
අප දෙදෙන
වින්ද ඒ මිහිරි සුව නොවේ අමතක
හදට...
සීත මිහිදුම් පොකුරු ඈත කදු
සිපගත්ත
නීල තණ පලස මත වැහි බින්දු
වැතිරිච්ච
සෙනෙහසට සිසිල දුන් මනමාල
පොද වැස්ස
පිබිදුවා මන හැගුම් මගෙ හිතේ
හැන්ගිච්ච...
ශශී
Supuni Nilukala? 4 years ago හරිම ලස්සනයි??
Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි ?
ශශී❤️? 4 years ago Thank u❤️
✍️Nilushi Nisansala✍️ 4 years ago ???
Niලntha ..✍️poetry Is My Life ..✍️ 4 years ago සිත මුලා කරන නුබෙ හැඩි දැඩි වචන අද මුවා වෙලා සඳ මෙන් අහසේ වැසුන සිත කොහේ නමුදු නැවතුන රහසේ මතක අද එන්න මැනික තුරුලේ නැවතුම ගෙනෙන...
චතූ 3 years ago ලස්සනයි ශශී ???
ශශී❤️? 3 years ago Thnkz chathu ❤