Ranatunge Jayawardene 1 month ago 42 0 0

Nisadas Image

සඟවන්න මා

එපා මා හැරයන්න
එපා මා රිදවන්න
ඔබේ සෙවනට එන්න,
අනේ මට ඉඩ දෙන්න !
*
සැඳෑ ඉර හංගලා
පුරා සඳ මෝරලා
යහන මත සැතපිලා,
මට එන්න ඉඟි කලා
*
උණුසුමේ කිමිදෙමින්
වකුටු වී ගුලි වෙලා
ඔබෙන් සැදි නිවහනේ,
ජීවිතේ පැල වෙලා
*
අම්මෙ මා දස-මසක්
සඟවන්න ලෝකයෙන්..
එපා තව ඉඩ දෙන්න,
ඔය හිතට රැවටෙන්න!
-------------------------------------
රනේ/27ජුලි2024/
සඟවන්න මා

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps