Ranatunge Jayawardene 2 months ago 196 0 0

Nisadas Image

සන්තාපය

ගී හිස මා ලය පසාරු කලෙ දෝ
නුඹ මා උර මත ඉකි බිඳ උන් සඳ
ළමැද ගලා ආ ආදර ස්වරයට
සුසුම් හෙලන සේ රළ පෙල බිඳුනේ
*
පෙම් රැලි වෙරළේ වැලි යට කිඳිලා
පෙන පිඬු මා හද පතුලේ රැඳිලා
ගල් පර හිරුගෙන් නැහැවී යද්දෙන්
විහඟුන් මාගේ තනියට ඉද්දෙන්
*
මඳ සුළගේ මේ පනිවුඩ ගෙන ගොස්
ඇගෙ කුටියේ දොර අභියස තබපන්
බමරුනි නුඹ රොන් ගන්නා අටියෙන්
මේ දුක පෙති මත ලියලා තියපන්
*
දිනයක ඇය මල් පෙති මත සිඹිමින්
හදවත මත ඒ තාලය ඇඳගන්
එතකන් සුළගේ මා වට රැඳෙමින්
ඒ ගී මා වෙත හී ලෙස විදපන් !
----------------------------------------------
රනේ/25ජුලි2024/සන්තාපය

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps