Ranatunge Jayawardene 1 month ago 37 0 0

Nisadas Image

තරු-රැස

කෝං පිට්ටු ඉදෙන තුරා
වැලි-කිරිබත් බෙදා ගත්තු
බට්ටො පැනපු, ඔට්ටු දාපු
එක පවුලේ පුංචි චන්ඩි
*
කරදන්ඩෙන් උස්ව යද්දි
ළාමක ගති නැති වෙන්නේ
සිල්ප ටිකක් පුරුදු වෙලා
ඉක්මනටම 'ලොක්කො' වෙනා
*
මල ම නොවේ කටු හමුවේ
ජීවිත තරඟය පරදියි
මහ-ගෙදරින් උරුම සොයන්
කැණීමඬල'ට නෑ ඉහිලුම් !
*
අගින් ලියලමින් වැඩුන ට
මුල් මියගිය පවුල් ගස් ය.
"කොයි තරමට උඩක ගියත්
තරු රැසකින් නැහැනෙ පලක් !"
--------------------------------------------------
රනේ/14ජුලි2024/තරු-රැස

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps