Ranatunge Jayawardene 1 month ago 62 0 1

Nisadas Image

ඕ නෙගටිව්

එන්ජිම සැර දා
මට හූ කියලා
පොළව හොල්ලලා
තරහින් දිව්වා
*
ටකරං වහලේ
මළකඩ සිදුරෙන්
දුහුවිලි ඊතල
මූනට විදුනා
*
බොර පැහැ ඇස්ගෙඩි
පියනෙන් වැහුවට
කබ දිය කරගෙන
උල්පත් හැදුනා
*
දැලකට මැදිවූ
මැස්සෙක් වූ හිත
දිගටම නුඹ ගැන
කලබල කෙරුවා
*
තහඩු බිත්තියේ
ඇනයක එල්ලී
තත්පර වෙඩි මුර
ඔලුවට එව්වා
*
ඊළඟ හූවෙන්
ඕ නෙගටිව් බව
යකඩ පීල්ලේ
පාටින් පෙනුනා.
------------------------------
රනේ/09ජුලි2024/
ඕ නෙගටිව්

Comments (1)

Ranatunge Jayawardene 1 month ago ( මෙහි 'ඕ' නම් ' ඈ' ය.)





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps