Ranatunge Jayawardene 1 month ago 56 0 0

Nisadas Image

අපේ ජය!

අපි පැරදුනා ..
රට පැරදුනා..
අපි කොන් වුනා,
ඔබ දුක් වුනා.
*
කවුරුවත් කැමති නෑ
යාළුවොත් එන්නෙ නෑ
කාටවත් ඕන නෑ
මොකද අපි දිනල නෑ
*
උත්සව'ත් ඇත්තෙ නෑ
නලා,හැඬ වෙන්නෙ නෑ
පෙරහරක් යන්නෙ නෑ
නායකයො ඇත්තෙ නෑ
*
සමාජෙත් ගැරහුවා
පාසලෙන් කොන් වුනා
අපේ සිත පෑරුනා
ඔබ අපෙන් වෙන් වුනා !
*
ඇති වෙලා, නැති වුනා
හැකි වෙලා, බැරි වුනා
තුටු වෙලා, දුක් වුනා
එක් වෙලා, වෙන් වුනා
***
ජීවිතේ පුරා අපෙ,
දිනපු හැටි දන්නෙ අපි !
පරදින්න දන්නෙ නැති,
ජීවිතෙයි දිනුවෙ අපි!
--------------------------------------------
රනේ/06ජුලි2024/අපේ ජය!

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps