Ranatunge Jayawardene 2 months ago 60 1 0

Nisadas Image

මඟුල් සක්වල

හෙව්වා ඒකට
ගැලපෙන වෙලාව
හොඳම දවස සහ
ලග්න යෝගයත්,
ග්‍රහ හැසිරීමත්,
අපල ආදියත්.
*
හොඳම දසාවත්
අතුරු දසාවත්
හරියන නැකතත්
සුභම දිශාවත්.
*
ජාති, ආගමත්
හොඳම ප්‍රදේශත්
හරියන කුලයත්
නාම ගෝත්‍රෙත්.
*
ගැලපෙන වයසත්
හරියන උසකුත්
සරිලන මහතත්
කැමතිම පාටත්.
*
උගත් සාස්ත්‍රෙත්
ජීවන තත්වෙත්
පවුලේ තත්වෙත්
කීර්ති නාමෙත්.
*
ධනස්කන්දයත්
දේශපාලනෙත්
අම්මගෙ තත්වෙත්
අප්පගෙ පැත්තත්
ඇති බව-බෝගත්
නැති අසනීපත්.
*
මේක හරිම හරි
මඟුල් සක්වලක් !
හෙව්වෙ නැත්තෙ තව
ගිය ආත්මයත්,
ඊළඟ භවයත්!
--------------------------------
රනේ/05ජුලි2024/
මඟුල් සක්වල

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps