*$@n¢hi* 4 months ago 138 0 1

Nisadas Image

වරක් නුඹ හමු වී නම්,

වරක් මුණ ගැහුණත් අහම්බෙන්
පිටත බලා නුබට ඔබ්බෙන්
යන්නට තරම් සිහියෙන්
සිත දැඩි වූයේ නිරායාසයෙන්

හමු වීම හිමි නොවෙද්දෙන්
හොදම දේ හිමි වෙද්දෙන්
කාලයේ පාඩමේ මැද්දෙන්
ආලයේ ඉරි තැලුම් මැකෙද්දෙන්

මිහිරිම වර්ණ ජීවිතය පාට කරමින්
පාර පෙන්නුවේ සතුට වගුරුවමින්
වරක් මුණ ගැසීම විදවමින්
කුමට පාරා ගනුද සිතමින්....

~sahini~

Comments (1)

Ranatunge Jayawardene 2 months ago ජීවිතයට 'හිමි' වර්ණය හිමි වේ. - ජය!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps