Nawodya Dissanayake 1 year ago 173 0 1

Nisadas Image

ආදරේ විහිලුවක් ද?

ආදරේ විහිලුවක් ද ?

කෙල්ලෙක් උනත් කොල්ලෙක් වගෙයි මං හැදුනෙ ඒ කාලෙ
විහිලුවට ආදරේ කරා මං දෙන්නෙක්ට දඟකාරකමට මගෙ
දැනන් හිටියෙ නෑ ආදරේ මොන වගේද කියලවත් ඒ කාලේ
විහිලු සතුට අතරෙයි හිටියෙ මං නුබ ලැබෙන්නට පෙර කාලෙ

එක මොහොතින් ආදරය හිතට දැනෙනවා කියනකොට
මුසාවක් කියා හිතුවෙ මං කොහොම එය සිදු වෙන්නද
දැනෙන කොට හද පතුලෙන් උඹටත් සිතෙයි ප්‍රේමෙ කොයි වාගේද
දිනක මිතුරියක් කියන විට සිනා සුනේ මං ඇයට විහිලු කර

අහම්බෙන් ඔය රැව දැක්ක විට දැනුනෙ තරහක් විතරමයි මට
ටිකෙන් ටික තරහව නැතිවී ආස කරා ඔබ ලගම දැවටෙන්න
එදා මිතුරිය කියූ ලෙසටම දැනුනා මහදටත් ආලෙ ලස්සන
ප්‍රේමෙ සුන්දර කොයි තරම්මද සිතුනා මහටත් එදා ඉදලම

නොදැනි කාලයක් උබත් මමත් දැන් ආලෙ කරනවා හරිම ලස්සනට
විහිලු අතරෙ කිමිදී සිටි මා උබට ආදරේ හද පිරෙන්නටම
කාලෙත් ගෙවී යන අපෙ ආදරෙත් දැන් දොරෙ ගලනා විටකදිම
උබත් දැන් එකල වගෙ නොවෙ දැනුනා වෙනසක් මගේ හදවතටම

අම්මා වගෙමයි හිටියෙ මං උබට අම්මා අප්පත් නැති නිසා උබෙ
නිතර කලබල වෙවී හෙවුවෙ ආදරේ වැඩි හින්දා මේ හිතේ
කෙලෙස ඉවසන්නද මා එයම වදයක් වීලා දැන් නුබ හිතට
කොයි තරම් බැලුවත් නුබේ ගැන මා නපුරියක් බවයි කීවෙ සැමවිට

Comments (1)

Nawodya Dissanayake 1 year ago මේ පද පෙලේ ඉතුරු ටික වැටිලා නෑනෙ ????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps