සමාධි... 2 years ago 259 1 2

Nisadas Image

වීමි කිවිඳියක....

සසර පිනකට
වීමි කිවිඳියක....

කවි කරන්නට සිතිවිලි
කවි කරන්නට හැඟීම්
උත්ප්‍රාස අනුප්‍රාස ද ගළපා
අතරින් පතර රස පදද හංගා;

සසර පිනකට
වීමි කිවිඳියක....

පිසින්නට කඳුලැලි
තවකෙකුගේ,
බෙදාගන්නට අත්දැකීම්
මගේ,
අරුත්බර ලෙස පබඳා,
රැකගනිමින් සංයමයද,

ජී.බී.සේනානායකයන් මෙන්
ආධ්‍යාත්මික ප්‍රේමය ඉස්මතුකරන්නටත්,
රත්න ශ්‍රී යන් මෙන්
ගැඹුරු අදහස් සොඳුරු කරන්නටත්,

සසර පිනකට
වීමි කිවිඳියක....

දැනෙන විට
තනිකමක්
දැනෙන විට
ප්‍රේමයක්
නැගෙන විට
මදහසක්

සිත්තම් කරන්නම් මා මනස
සිතා ගත නොහැකි පිටු ගණනක් පුරා
මෙලෙස ,,,,

කඳුල , සුසුම, ප්‍රේමය, තනිකම, සතුට
කැටි කොට රුවා
හඬන්නට හෝ සිනාසෙන්නට,
ආදර පන්හිඳට....

සමාධි ✒

Comments (2)

Deesha(දීෂා)❤️ 2 years ago ❤????

චතුරංගි හර්ශිකා 2 years ago ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps