සමාධි... 2 years ago 221 3 1

Nisadas Image

දුරස් වූ ගුරු මව්නි....,

සැඩ නළ , දළ රළ මැදින්
පොරබදමින් දඟලන විට ,
අල්ලාගන්නට එක පං ගසක්
පං ගසත් නුඹම විය ,
සවි ඇති මහා යදණ්ඩක මෙන්

ගණඳුරේ,වරුසාවේ සොයන විට නවාතැනක්,
මහ සයුරු මැද
පුංචි තිතක් බඳුවත් ආලෝකය ගොඩබිම දෙසින්
දැල්වුවා මහා බලාපොරොත්තු,අනාගතය ගැන!
කෙලෙස කෙතරම් දුරස් වූවත්
එම එළිය,
කිසිදා අමතක නොවේවි,මියෙන තුරු ම!!!

මවකගේ සෙනෙහස ,
පියෙකුගේ රැකවරණය ,
සොයුරියකගේ තමන්ගෙකම ,
යෙහෙළියකගේ විශ්වසනීයත්වය,
ගුරුවරියකගේ දයාබරත්වය ,

එලෙසින්ම !

ඔබට හැර තවකෙකුට දිය හැකිද?

වසර හයකට පෙරාතුව
පහ E පන්තියේ , මල් පිපෙන වේවැල
තවමත් ඇත හද පතුලේ ම
කිසි දා අමතක නොවන ලෙස-

පුරා වසර දෙකක්
ඔබ,
අප වෙනුවෙන් ම කැපවුණු බව
නොසඟවා පවසන්නම් සෑම තැනකම-
ආදර ගුරුතුමිය ඔබයි !
අප සැමගේ-
සදා නොමියෙන !! හදවතෙහි -

එහෙත් අද මම,
කෙලෙසක කව් කරන්න ද? ,
මහමෙරක් තරම් වූ ඔබේ ගුණ කඳ !
අම්මේ...........
දැනටමත් ඉවර වී ගොස් ය
මගෙ පන්හිඳ. . . .

සමාධි????

Comments (1)

චතුරංගි හර්ශිකා 2 years ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps