චතූ 3 years ago 168 4 5
නොසිතාම නෙතු පියන් අගින් රූරා
වැටුණ...
හැම කදුළු බිදුවකම නුඹෙ නම ලියා තිබුණ...༺⃟─═༻
වහින්නෙම නැති නමුත් අහස ගුගුරා හැලෙන...
ගිම්හාන අහස යට සිනාසෙනු කෙලෙස මම...༺⃟─═༻
පෙර සොඳුරු මාවතේ නෙතින් නෙත යා කෙරුණ...
වසන්තය ආ ලෙසට වන වදුළු මල්
පිපුණ...༺⃟─═༻
නුපුරුදුම හීනවල යළි යළිත් තුරුළු
වුණ...
පෙමක් තිබුණා මටත් හිත පුරා මල්
ඉහින...༺⃟─═༻
නොදොඩාම වෙන් වෙලා පුරා වසරක්
ගෙවුන...
කාලයේ අතරමග සිතුවිලි ගිලන්
කරන...༺⃟─═༻
නෑඹුල්ම සෙනෙහසින් සිත නිවා
සනසවන...
තවම මතකයි සොඳුරු ප්‍රේමයේ
මල් තුහින...༺⃟─═༻
මම,
චතූ
Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි ගොඩක්ම ??❤️
නදී ..✍???? 3 years ago ලස්සනයි චතු❤️ ?
ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි චතූ❤️
❤sami❤ 3 years ago Lassanai chathu akkiyoo
චතූ 3 years ago Thank you ❤❤❤