Momad Musharaf 3 years ago 144 4 4

Nisadas Image

දනු අම්මා

නිවන් මගට ගිය දනු කුමරු හට
පතනමි නිවන සැමදා ඔබ හට
නුඹේ කිරි කැටි සිනාවෙන්
තෙමුනේ මා හද මඩලය
නොමැකේ මා මැරෙන තුරාවට

උපදින හැම බවයේම ඔබ මගේ පුතු වේවා
මතු උපදින ඔබ මාගෙම පුතු වේවා
නැවතත් මගේ කුසට පින පල දීලා

දනූ අම්මා මගෙ ලෝකය එලි කරා
සුරතල් සිනාවන් සැමවිටම පෙන්නා
අසරණ කමින් මගේ හදවත දුක් දුන්නා
මගෙ මුලු දිවියම ඔබ එළිය කරා
තරුනු වියට එළඹුණු සැනින්
සහෝදරයන් අසරණ කර ඔබ නිවන් ගියා

මල්ලි නැති දුකින් සහෝදරයන් අතරමං උනා
ඇයි ඔබ අපිට මෙවන් දුකක් උරුම කරෙ ඔබ නැති දුක අපිට දරාගන්න බෑ

චූටි අක්කා සයුරෙන් එහා තනි වෙලා
සතර අතේ වැලපෙනවා
දරුවෙක් වගේ බලාගත්තේ
මෙහෙම තනි කර යන්නද

මගෙ මල්ලි ගෙ දෙනෙත් බලාග්න්න
අවසන් මොහොතෙත් මට පින නෑ
මම කරපු වැරද්ද තවමත් නොතෙරේ
ඔබේ තැනට ගැලපෙන කිසිවෙකු ත්
නැත

දෙමාපියන් වගුරයි උනු කඳුළු පුතේ
ඔබ නැති දුකින් මුලු පවුලම වැලපෙනවා
සතර අතේ අසරණ දෙමාපියන් තනිකර මෙලෙස පුතේ සැගවී සිටින්නට හිත හදාගත්තේ කෙසේද සුදු මහත්තයෝ

පිය මිතුරු සම්බන්ධය කඩවුනෙ
කෙසේද පුතේ
මගෙම රූපෙන් ඉපදිලා
මටත් කලින් ඔබ ගියා

හදවතේ දුක හිර කරන් කෙලෙස ද පුතේ සනසන්නෙ පවුලේ සැවොම

Comments (4)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️?

Nethu 3 years ago Lassani?

Deesha(දීෂා)❤️ 3 years ago ???

චතුරංගි හර්ශිකා 3 years ago ??? ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps