Deesha(දීෂා)❤️ 3 years ago 180 4 11
ආදරණීය ශෂී අක්කි,
දැවෙන පපුවට හැලෙන ලෝදිය
කුමට නුඹ පිසදා නෙතින්
මැරුන හදවත යළිඳු ඉපදී
මැරී නුඹ ළඟ පස් වෙයන්
තුරුළු කරගෙන සොහොයුරිය නුඹ
වේදනා මගෙ සුවකරන්
ඇවිලෙනා දුක සැනසුනා නුඹෙ
සොයුරු පෙම ළඟ සත්තකින්....
මතක පාරා කඳුළු ගැලුවට
නුඹේ පාමුල මේ නෙතින්
සමාවක් මං අයදිමී නුඹ
රිද්දවූ පාපය නමින්
දුර්ලභයි නිර්ලෝභි හදවත්
නුඹෙන් දුටුවා එය හොඳින්
බුදුන් අභියස දෙදණ නවමින්
අයැදුවේ දිවි මා නමින්....
දෑස නින්දට වෛර කරනා
නීල තරුකැට තව රවන්
සඳේ පාටට අහස කළු ඇයි
ගිගුම් ලයි සිත පැන නගන්
හැකිද හිඳිනට නුඹේ සෙවනේ
එක්වරක් මතුදා ලඟින්
නුඹේ පාමුල නොහඬා ඉන්නම්
හැඟුම් මගෙ නිර්වින්දන කරන්.....
°දීෂා නංගී️ ✍️?....
Dila ???? 3 years ago ??
ශශී❤️? 3 years ago මැනික ?❤️? ලස්සනයි තැන්ක් යු❤️
ශශී❤️? 3 years ago රිදෙන් රිද්දන වේදනා මැද සිතින් හැඩුවා නුබ නිතින්... විදින විදවන මතක අබියස කදුලු වැටුනා නුබෙ නෙතින්...
ශශී❤️? 3 years ago දකින්නට සිත පෙරුම් පුරනා නුබේ මුව පිරි සිනහවෙන්... වරම් අයදිමි නුදුරු බවයක ඉන්න ලග සොයුරිය ලෙසින්...
Deesha(දීෂා)❤️ 3 years ago ළඟට වී තුරුලේ හිදින්නට පිනක් නැතිමුත් මට මෙදා සසර කෙළවර වෙන්න පෙර මා සොහොයුරිය නුඹ පතනවා....
Deesha(දීෂා)❤️ 3 years ago යාතිකාවක් මං කරන්නම් කඳුළු නම් නුඹෙ දෑසට එපා සිහින ඔස්සේ යන්න පියඹා ජීවිතය නුඹ දිනනවා....
Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ඔයාගෙ කවිය ❤️✍️?
ශශී❤️? 3 years ago ❤️❤️❤️
චතුරංගි හර්ශිකා 3 years ago දෙන්නගෙම කවි ලස්සනයි ?❤✍❤❤❤
ශශී❤️? 3 years ago චතූ ??❤️
Deesha(දීෂා)❤️ 3 years ago Thanks akki❤️✍️