චතුරංගි හර්ශිකා 3 years ago 159 3 3

Nisadas Image

අහස සඳට ආදරෙයි ලු...

සොඳුරු නිල් අහස
සඳට තාමත් ආදරෙයි ලු...
ඒ ආදරේට
සීමාවක් මායිමක් නැතිලු...

මතක පුරාවට අහස
සඳටම කවි ලියනවලු...
අහසට සඳ තරම්
සොඳුරු දෙයක් තවත් නැතිලු...

තාරුකා දහසක් පෑ මුත්
අහස සඳවතට ළෙංගතුයි ලු...
ඒ ආදරේට කිසිදා
සීමා මායිම් නැතිලු...

හැඩකාර ඉර නෙත් අගින්
අහස දිහා බැලුව ලු...
අහස හැමදාම සඳට පමණක්
ආදරෙයි කියලා ඉරට කිව්ව ලු...

දහවලට සඳ අහසේ
කොණක ගිහින් හැංගුණාලු...
අහස සඳ එන තුරා
නෙත් අයා ඉන්නවලු...

ලෝකෙ පවතින තුරාවට
අහස සඳට ආදරෙයි ලු...
සඳ තරුවකට පෙම් කරත්
අහස සඳ වෙනුවෙන් බලා ඉන්නවලු...

මම,
චතූ
2020 නොවැම්බර් මස 18 වැනි දා
ප.ව. 8.43

Comments (3)

Deesha(දීෂා)❤️ 3 years ago ?? ලස්සනයි ❤✍️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ??

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps