චතුරංගි හර්ශිකා 3 years ago 168 3 7

Nisadas Image

මමත් වෙන්නද

මමත් වෙන්නද
පන්හිඳක් හෙට

දනන් දහසක්
රිදුම් හදුනන

මමත් වෙන්නද
කවි පොතක් හෙට

නේක කවි හිත්
හොයාගෙන යන

මමත් වෙන්නද
පද වැලක් හෙට

කවි කිවිදියන්
හදින් නැවතුණ

රිදුම් ලතැවුල්
දරා ගන්නද

ලොවට රහසින්
මගේ හිත යට

සිනහ මුතු වැල්
ලොවට දෙන්නද

සනසන්න මේ
සොඳුරු ලෝ ගැබ

කවක් ලියනුව
මගේ හිත මත

මටත් ආසයි
පොතක් වෙන්නට

මම,
චතූ
2020 නොවැම්බර් මස 18 වැනි දා
ප.ව. 12.22

Comments (7)

Deesha(දීෂා)❤️ 3 years ago පන්හිඳක් නුඹ දහක් හදවත් වේදනා නිවනා... පදවැලක් නුඹ නිහඬ නිසසල ලොවක් තුළ ගැයෙනා....

Deesha(දීෂා)❤️ 3 years ago අරුම කවිසිත තබා මිහිමත සුරලොවක් සදනා.... නුඹයි කවිපොත නුඹයි කිවිඳිය බසින් රස මවනා....... ❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි නිසදැස ❤✍️

චතුරංගි හර්ශිකා 3 years ago ඔයාගෙ නිසදැසත් ලස්සනයි ??

චතුරංගි හර්ශිකා 3 years ago Thanqq Dr❤

ශශී❤️? 3 years ago ලස්සනයි දෙන්නගෙම නිසදැස් ❤️??

චතුරංගි හර්ශිකා 3 years ago Thnqq ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps