චතුරංගි හර්ශිකා 3 years ago 108 5 5

Nisadas Image

රාගයෙන් තොර ප්‍රේමයක් එය

අවැසි නෑ මලවි කෙසේවත්
අපට මල් හී සර විදින්නට
මේ නම් ප්‍රේමය පමණක්ම
පුදසුනක පිදූ පිවිතුරු හැගීමක් ය...

මල්සර හී සරින් විද
දෙහද බන්දා දිනෙක දෑත් බැඳ
අවැසි නෑ එක්ව තන්නට
එකම කූඩුවක් අපේ පාරාදීසයක...

හදවතින් හදවතට
නේක විධ පිවිතුරු මිහිරි හැගුම්
ඇට මිදුළු තෙක්ම ගිය
අප්‍රමාණ නිර්මල ආදරය...

අවැසි නෑ අල්ලා ගන්න
අවැසි නෑ මුදුවකට හිර කර
මගේමයි මගේ යැයි කියා ගන්න
අවැසි එකම දේ ඒ සිනහව විඳගන්න...

අවැසි නෑ එක් වී ජීවිතේ විඳවන්න
අවැසි වේ සදාකාලික පුරාවතක් ලියන්න
මෙසසර එක් වූවන් සතුව
සැබෑ සතුටක් තිබුණෙ නැහැ නොවෙද...

මම,
චතූ

Comments (5)

චතු ගුණසේකර ? 3 years ago ❤️?

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ? ලස්සනයි ✍️

ශශී❤️? 3 years ago ලස්සනයි ?

Geethanjalee ? 3 years ago Godak lssanai ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps