චතුරංගි හර්ශිකා 3 years ago 177 6 5

Nisadas Image

කලකිරීම

නෙතග සිනහව තබන්නට මට
හෙටට සිහිනය මවන්නට මට
අවැසි නෑ ලොව නේක සිතුවිලි
හිතම පාරයි අනන්තය ළග...

හදම මියැදී ලොවේ අසරණ
කලකිරුණු හිත දරා හිනැහෙන
මටත් බෑ හෙට ගගන අයිනේ
සදක් වී නැවතී හිදින්නට...

දිනෙක දැල්වී නිවී යන තුරු
ලොවට ආලෝකය ලබා දෙන
පුංචි පහනක් වෙන්න ආසයි
තවත් දහසක් පහන් දල්වන...

මටද හිමි නැති 'මම' තුළම හිද
හීන දකිමින් කුමට දැවෙනුව
මටත් අවැසියි උදේ සුපපී
හවස පරවන මලක් වන්නට...

සියක් ආයුෂ මදිව තැවෙනා
සසර ලොල් වූ මිනිස්සුන් හට
මගේ පණ ටික ලබා දී මට
නෙත් පියාගත හැකියි නම් අද...

එකා පසුපස එකා පන්නන
විෂම ලෝකේ ලෝබ හිත්වල
කොහොම ඇල්මක් ඇතිවුණාදෝ
මේ තරම් මේ අදුරු සසරට...

වේදනා දුක් කම්කටොලු වල
අවසාන මොහොතක් දකින්නට
හැකියි නම් මට ජීවිතේ හැර
සදහටම නෙත් පියා ගන්නට...

මම,
චතූ

Comments (5)

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි

Deesha(දීෂා)❤️ 3 years ago මටත් ?❤️❤️

ශශී❤️? 3 years ago ??

Geethanjalee ? 3 years ago ??

චතුරංගි හර්ශිකා 3 years ago ? thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps